Tuesday, February 17, 2026
Homeදේශීයඅස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ නමුත් තවමත් බැංකු ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් සඳහා සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති අතර, ඔවුන් එම කාර්යාල වෙත ගොස් බැංකු ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය ලිපිය ලබා ගත යුතුය.

එම ලිපිය මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් තමන්ට පහසු ශාඛාවකට ඉදිරිපත් කර අස්වැසුම ගිණුම විවෘත කළ යුතුය.

ඒ අනුව, මෙතෙක් ගිණුම් විවෘත නොකරන ලද සුදුසුකම් ලැබූ අය හැකි ඉක්මනින් එම ගිණුම් විවෘත කර ගිණුම් විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදිය යුතු බවද නිවේදනයේ දක්වයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments