Wednesday, February 11, 2026
Homeදේශීයඅහ්මදාබාද් – කොළඹ ඍජු ගුවන් ගමන් අප්‍රේල් සිට

අහ්මදාබාද් – කොළඹ ඍජු ගුවන් ගමන් අප්‍රේල් සිට

ඉන්දියාවේ අහ්මදාබාද් සහ කොළඹ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ මේ වසරේ අප්‍රේල් මාසයේ සිට එම ගුවන් සේවාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම නව ගුවන් සේවාව සමඟ ශ්‍රී ලංකාවේ බැතිමතුන්ට ගුජරාට් ප්‍රදේශයට ගොස් වන්දනාමාන කටයුතු සඳහා සහභාගී වීමට පහසුකම් සැලසෙනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments