Friday, January 16, 2026
Homeදේශීයආණ්ඩුව එළියට ඇදලා දාන්න හදන විජේරාමේ ගෙදර ඉඳන්ම මහින්ද කරපු හත්දවසේ පිරිත්...

ආණ්ඩුව එළියට ඇදලා දාන්න හදන විජේරාමේ ගෙදර ඉඳන්ම මහින්ද කරපු හත්දවසේ පිරිත් පිංකම අවසන්

ආණ්ඩුව එළියට ඇදලා දාන්න හදන විජේරාමේ ගෙදර ඉඳන්ම මහින්ද කරපු හත්දවසේ පිරිත් පිංකම අවසන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විජේරාම නිලනිවසේ පැවැත්වූ සත්දින සර්වරාත්‍රික පිරිත් දේශනාව අවසානයේ මහාසංඝයා වහන්සේලා විෂයෙහි හීල් දානය පිරිනමා තිබිණ.

ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.

විජේරාම නිල නිවසේදී අද උදෑසන මහාසංඝයා උදෙසා හීල් දානය පිරිනැමීමත් සමග දින හතක් පුරාවට සිදුකරන ලද පිරිත් සජ්ඣායනය අවසන් කෙරිණි.

මෙම දානමය කටයුත්ත සඳහා වැඩමවා වදාළ රුහුණු විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක රත්නපුර මුද්දුව සිරිසුමන පිරිවෙන් විහාරාධිපති අතිපූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ද, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ කල්‍යාණි පාර්ශ්වයේ අනුනායක ශාන්ති පදනමේ නිර්මාතෘ අතිපූජ්‍ය කොටපොල අමරකිත්ති නායක ස්වාමීන් වහන්සේ ද, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක මහාචාර්ය අතිපූජ්‍ය තිත්තදෙමළියේ ඉන්ද්‍රසර නායක ස්වාමීන් වහන්සේ ද, බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති කොළඹ හත සම්බෝධි විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඤාණ නායක ස්වාමීන් වහන්සේ ද ඇතුළු මහා සංඝරත්නයට මම නමස්කාර පූර්වකව ස්තූතිවන්ත වෙමි.

RELATED ARTICLES

Most Popular

Recent Comments