Wednesday, March 25, 2026
Homeදේශපාලනආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් බිලියන 1.9ක්

ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් බිලියන 1.9ක්

‘ට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් සඳහා ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබාදීම වෙනුවෙන් රුපියල් 1,925,010,000.00 ක මුදලක් වෙන් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එම මුදල් ප්‍රතිපාදන සියල්ල මේ වන විට අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවයි.

ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එක් සිසුවෙකුට රුපියල් 25,000ක මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. එම මුදලෙන් රුපියල් 15,000ක් මහා භාණ්ඩාගාරයෙන් සහ රුපියල් 10,000ක් ජනාධිපති අරමුදලින් ලබා දෙනු ලබයි.

ඒ අනුව අම්පාර, හම්බන්තොට, පොළොන්නරුව, මොනරාගල, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලින් ලබා දෙන රුපියල් 10,000ක දීමනාව සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති අතර, අනෙකුත් දිස්ත්‍රික්කවල ද අදාළ මුල්‍ය ප්‍රදානය කඩිනමින් ලබාදීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments