Friday, January 23, 2026
Homeදේශීයආපදාවන්ට පිහිට වෙන්න දළදා මාලිගාවෙන් සමාජ සුබසාධන අරමුදලක්

ආපදාවන්ට පිහිට වෙන්න දළදා මාලිගාවෙන් සමාජ සුබසාධන අරමුදලක්

ආපදාවන්ට ලක් වූ ජනතාවට උපකාර කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු–අස්ගිරි මහාවිහාරයන්ගේ ප්‍රමුඛත්වයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කර “සමාජ සුබසාධන අරමුදල” නමින් විශේෂ ගිණුමක් විවෘත කර ඇත.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පැවසුවේ, ගිණුම මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ විවෘත කර ඇති බවයි.

ගිණුම් අංකය: 003-2001-0010 2599
SWIFT කේතය (විදෙස් සිට පරිත්‍යාග සඳහා): PSBKLKIX

මෙම අරමුදලෙන් කෙටි සහ දීර්ඝ කාලීන ආධාර ලබාදීමටත්, නිවාස අහිමේ වූ පවුල් සඳහා උපකාර කළ හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.

ඒ සමඟ, අරමුදල ජාත්‍යන්තර විගණන සමාගමක විගණනයට භාජනය කරමින් විනිවිදභාවය තහවුරු කරන බව ද දියවඩන නිලමේ මහතා කියාසිටියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments