Friday, January 16, 2026
Homeදේශීයආපදාවෙන් බලපෑමට ලක්වූ ගම්මිරිස්, කෝපි හා කරදමුංගු සඳහා දීමනාවක්

ආපදාවෙන් බලපෑමට ලක්වූ ගම්මිරිස්, කෝපි හා කරදමුංගු සඳහා දීමනාවක්

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ආපදාවට ලක්වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් කෙටිකාලීන වගාවන් සඳහා ගොවීන්ට සහන සැලසීම සඳහා අදාළ අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 08/2025 (i) මේ වනවිට නිකුත් කර ඇති බව සඳහන්ය.

ඒ අතර, අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආර්ථික වැදගත්කම සලකා බලමින්, ආපදාවෙන් හානි වූ දිගුකාලීන අපනයන කෘෂි බෝග නැවත වගා කිරීම සඳහාද රජය අවධානය යොමු කර ඇත.

ඒ අනුව, ආපදාවෙන් හානි වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා හෙක්ටයාරයකට රුපියල් 425,000ක දීමනාවක් නියමිත ගොවීන්ට ලබාදීමටත්, එම වගාවන් සඳහා අවශ්‍ය පැළ ආපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩසටහන් මගින් නොමිලයේ ලබාදීමටත්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments