මෑත කාලීනව ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ ගංගා ද්‍රෝණි සහ වැව් අමුණු වලට සිදුවූ හානි පිළිබඳව තක්සේරු පරීක්ෂාවක් සිදු කර තිබේ.
අදාළ තක්සේරු කටයුතු වාරිමාර්ග හා ජල කළමනාකරණ අංශවල නිලධාරීන් විසින් සිදු කර ඇති අතර, ගංවතුර හා අධික වැසි හේතුවෙන් ගංගා ඉවුරු කඩා වැටීම්, වැව් බැම්ම හා අමුණු අබලන් වීම, ජල නාලිකා අවහිර වීම වැනි කරුණු මෙහිදී විශේෂ අවධානයට ලක් කර ඇත.
මෙම පරීක්ෂාව තුළින් හානියට පත් වාරි ව්‍යුහයන් හඳුනාගෙන, අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබාදීම සහ ඉදිරියේදී එවැනි ආපදා අවදානම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අරමුණ කරගෙන ඇත.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය හා කෘෂිකාර්මික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා මෙම තක්සේරු වාර්තා මත ඉදිරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අදාළ අංශ සඳහන් කරයි.

