Tuesday, March 10, 2026
Homeසියලුම පුවත්ආපදා නිවාස ඉදිකිරීමට ලබාදෙන මුදල ඉහළට

ආපදා නිවාස ඉදිකිරීමට ලබාදෙන මුදල ඉහළට

නායයෑම් සහ නායයෑමේ අධි අවදානම ඇති ප්‍රදේශවල පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීම සඳහා ලබාදෙන මුදල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
එම වැඩසටහන යටතේ අවදානම් ප්‍රදේශවල සිටින පවුල් හඳුනාගෙන ඔවුන් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීම සිදුකරයි. ප්‍රතිලාභීන්ට තමන් විසින් නිවස ඉදිකර ගැනීමට මූල්‍ය සහායද ලබාදෙන බව සඳහන් වේ.
මීට පෙර එක් නිවසක් ඉදිකිරීම සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 1.6ක් ලබාදුන් අතර, එය රුපියල් මිලියන 2.5 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම සංශෝධනය සිදු කර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments