දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ, පුද්ගලයින් 184 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි.
මෙම අයහපත් කාලගුණ තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අතර, එමගින් පවුල් 391,401කට අයත් පුද්ගලයින් 1,364,481 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

