Thursday, November 13, 2025
Homeවිදේශීයඇෆ්ගන් - පාකිස්තාන සටන් විරාම කාලසීමාව දීර්ඝ කිරීමට එකඟතාවක්

ඇෆ්ගන් – පාකිස්තාන සටන් විරාම කාලසීමාව දීර්ඝ කිරීමට එකඟතාවක්

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර පැවති සටන් විරාම කාලසීමාව තවත් කාලයක් සඳහා දීර්ඝ කිරීමට දෙරටේ නියෝජිතයින් එකඟතාවයකට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙම එකඟතාවට පසුගිය ඔක්තෝබර් 25 සිට 30 දක්වා තුර්කියේදී පැවති දෙරටේ රජයේ නියෝජිතයින්ගේ සාකච්ඡාවලදී එළඹී ඇත.

ඒ අනුව පළමු සාකච්ඡා වටයේදී ලබාගත් සටන් විරාමය තවදුරටත් දිගටම පවත්වාගෙන යාමට තීරණය කර ඇති අතර, මීළඟ සාකච්ඡා වටය නොවැම්බර් 06 වනදා පැවැත්වීමටද නියමිතය.

දශක ගණනාවක් පුරා පවතින දෙරට අතර දේශසීමා අර්බුදයට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබා ගැනීම සඳහා මෙම සාකච්ඡා මගින් ගත හැකි මාර්ග පිළිබඳ අවධානය යොමු වී ඇති බව ද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments