ඇෆ්ගනිස්ථානයේ ඉරාන දේශ සීමාව ආසන්නයේ සිදුව ඇති ප්රබල භූමිකම්පාවකින් එකසිය විස්සක් අවම වශයෙන් මියගොස් තවත් දහසකට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
රික්ටර් පිරිමාණ ඒකක 6.3 ක ප්රබලත්වයකින් යුතු මෙම භූමිකම්පාව ඊයේ රාත්රී 11ට පමණ සිදුව තිබේ.
බොහෝ ගොඩනැගිලි කඩා වැටී ඇති අතර මිනිසුන් බොහෝ ප්රමාණයක් සුන්බුන් යට සිර වී ඇති බව ද සහන සේවා කණ්ඩායම් කියා සිටියි