Sunday, March 15, 2026
Homeweatherweatherඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණ වෙනසට ආපදා කළමනාකරණය සූදානම්

ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණ වෙනසට ආපදා කළමනාකරණය සූදානම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති පරිදි ඉදිරියේදී වැසි තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි බැවින්, ඒ අනුව අවශ්‍ය සූදානම් කටයුතු මේ වන විට ආපදා කළමනාකරණ අංශ විසින් සිදු කරමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා සඳහන් කළේ, මෙයට අදාළව නාවික හමුදා භට පිරිස්, ගුවන් යානා සහ බෝට්ටු ඇතුළු ආරක්ෂක සම්පත් සූදානම් කරන ලෙස මේ වන විටත් දැනුම් දී ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇති පරිදි, එළැඹෙන 29 වැනිදා සිට තරංගාකාර සුළං ප්‍රවාහයක් හේතුවෙන් වර්ෂාපතනය සාමාන්‍යයට වඩා ඉහළ යාමේ අවදානමක් පවතින අතර, උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව ප්‍රදේශවලට දැඩි වැසි ඇතිවිය හැකි බවද සඳහන් කර ඇත.

මේ අනුව සිදුවිය හැකි ආපදා පිළිබඳව අවධානය යොමු කරමින් ජනතාව ආරක්ෂා කිරීම සඳහා පූර්ව සූදානම් පියවර ගෙන ඇති බව සම්පත් කොටුවෙගොඩ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර, ඊසාන දිග මෝසමට අදාළ හදිසි සැලැස්ම අනුව භට පිරිස්, ගුවන් යානා සහ නාවික බෝට්ටු සූදානම් කර තබා ඇති බවයි.

එබැවින් ඉදිරි දිනවල කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කර ආරක්ෂිතව කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments