Wednesday, February 11, 2026
Homeදේශපාලනඉදිරි ජනාධිපතිවරණයේ සහායට ප්‍රබල දේශපාලන නායිකාවක් ගෙන්න යන පිරිස මෙන්න

ඉදිරි ජනාධිපතිවරණයේ සහායට ප්‍රබල දේශපාලන නායිකාවක් ගෙන්න යන පිරිස මෙන්න

විපක්ෂයේ බලවේග සහ දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ සහාය ලබා ගනිමින් ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවීම සඳහා මෙරට දේශපාලනයේ දීර්ඝ කාලයක් නිරතව සිටි ප්‍රබල දේශපාලන නායිකාවක් කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළා.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ කොළඹ පිහිටි තරු පහේ හෝටලයක දී පවත්වා ඇති බව ද වාර්තා වනවා.

ඒ සදහා ඇයගේ පක්ෂයේ සහය ලබා ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ද දැනගන්නට ඇත.

ජාත්‍යන්තර සබඳතා බොහොමයක් ඇති මෙම දේශපාලන නායිකාව ඉදිරි ජනාධිපතිවරණයේ මෙහෙයුම් කටයුතු සඳහා දැනටමත් සූදානමින් සිටින බවද වාර්තා වේ.

ඉදිරි කාලය තුළ පූර්ණ ලෙස මේ සඳහා සහභාගි කරවා ගනිමින් දේශපාලන මණ්ඩලයක් ඇති කර ගැනීම පිළිබඳව ද ඉහත සාකච්ඡාවේදී කරුණු අනාවරණය වී තිබෙනවා

RELATED ARTICLES

Most Popular

Recent Comments