Tuesday, December 23, 2025
Homeweatherweatherඉදිරි පැය 24 සඳහා අවවාදාත්මක කාලගුණ නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා අවවාදාත්මක කාලගුණ නිවේදනයක්

තද සුළං, තද වැසි සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයින් ඉතා සැලකිලිමත් විය යුතු බව සඳහන් කරයි.

අද (24) උදෑසන 10ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත ප්‍රජාවන්ට විශේෂ අවධානයෙන් පසුවන ලෙස ද අවවාද කර ඇත.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩු පීඩන කලාපයක් හේතුවෙන්, එම පද්ධතිය බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කරන බව අපේක්ෂා කෙරේ.

ඒ අනුව, අක්ෂාංශ 05 – 18 සහ දේශාංශ 80 – 95 අතර මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් තාවකාලිකව වළකින්නැයිද නිවේදනය මඟින් දැනුම් දී ඇත.

මෙම ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවීමත් සමඟ සුළං වේගය පැ.කි.මී. 65ටත් වැඩි වීමේ අවදානමක් පවතින අතර, මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවද දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments