උතුර, නැගනෙහිර හා ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් හෙට (30) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තද වැසි ලැබිය හැකි බවද සඳහන් වෙයි.
මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සබරගමුව, දකුණු පළාත් සහ කළුතර දිස්ත්‍රික්කයේ පස්වරු 2.00ට පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්, උතුරු, උතුරු-මැද හා වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40ක පමණ තද සුළං හමන අවස්ථා ඇතිවිය හැකිය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පවතින බවද දැනුම් දී ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු හේතුවෙන් අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉදිරි පැය 24 සඳහා නවතම කාලගුණ නිවේදනය

