ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව, ශිෂ්ටාචාරයන් අතර පාලමක් ලෙස පවතින බවයි.
ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ WION Global Summit සමුළුව අමතමින්, New Delhi නගරයේදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, ලෝකය දැන් ප්‍රබල පරිවර්තනයකට ලක්වෙමින් පවතින අතර වෙළෙඳ මාර්ග අවහිර වීම, තාක්ෂණික තරඟකාරිත්වය සහ ගෝලීය ගැටුම් බලතුලනය වෙනස් කරමින් ඇති බවයි.
ඉන්දියානු සාගරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, එය ඉතිහාසය පුරාවටම සමාජයන් එකිනෙකට සම්බන්ධ කළ කලාපයක් බවත්, ගෝලීය තෙල් ප්‍රවාහනයෙන් තුනෙන් දෙකක් සහ බහාලුම් ගමනාගමනයෙන් අඩක් පමණ එම මුහුදු මාර්ග හරහා සිදුවන බවයි.
එම මාර්ගවලට තර්ජන ඇතිවුවහොත්, එහි බලපෑම මුළු ලෝකයටම දැනෙන බවද ඔහු පෙන්වා දී ඇත.
තවද, මැදපෙරදිග නොසන්සුන්තාවයන් සහ බලවතුන් අතර උපායමාර්ගික එදිරිවාදිකම් හේතුවෙන් සමුද්‍රීය කලාපවල ආරක්ෂාව වැදගත් වී ඇති බවත්, ඉන්දියානු සාගරයේ ස්ථාවරත්වය ගෝලීය ආර්ථිකයටත් සෘජුව සම්බන්ධ වන බවත් ඔහු අවධාරණය කළේය.
අවසානයේ ඔහු අවධාරණය කළේ, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ කලාපීය රටවල් එක්ව ඉන්දියානු සාගරය විවෘත, සුරක්ෂිත සහ සහයෝගීතාවයෙන් පිරි කලාපයක් ලෙස පවත්වාගෙන යා යුතු බවයි.
ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

