‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීමට තීරණය කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පැවසීය. ඒ අනුව මෙම පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනධායී ණයක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් ඇතුළත් වේ.
මේ අතර අද (23) පෙරවරුවේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ඊයේ පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මෙම සංචාරය සිදුකරයි.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවීමට ද ඔහු නියමිත අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

