Tuesday, February 17, 2026
Homeවිදේශීයඉන්දියාවේ බස් අනතුරකින් 25කට වැඩි පිරිසක් මරුට

ඉන්දියාවේ බස් අනතුරකින් 25කට වැඩි පිරිසක් මරුට

ආන්ද්‍රා ප්‍රදේශ්හි කර්නූල් ප්‍රදේශයේදී අද (24) අළුයම සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 25කට වැඩි පිරිසක් මියගොස් තවත් අය රෝහල්ගත කර තිබේ.

හයිද්‍රාබාද් සිට බැංගලෝර් දිශාවට ගමන් කරමින් තිබූ බස් රථයක යතුරුපැදියක් ගැටී ඉන්ධන ටැංකිය විස්ඵෝදනයවීමෙන් බස් රථය ගිනිගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවූ විට බස් රථයේ මගීන් 39 දෙනෙකු සිට ඇති අතර, බොහෝ දෙනෙක් නින්දේ සිටීම මරණ සංඛ්‍යාව ඉහළ යෑමට හේතු වී තිබේ.

අවදිව සිටි මගීන් කිහිපදෙනෙක් කෑගසමින් බස් රථයෙන් පිටතට පැන බේරී ඇති අතර තුවාල ලැබූ අය කර්නූල් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments