Friday, January 23, 2026
Homeදේශීයඉන්ධන මිල නැවතත් ඉහලට

ඉන්ධන මිල නැවතත් ඉහලට

අද (26) අලුයම 2.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල වැඩි කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ IOC සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 550ක් ලෙසින්.
ලංකා සුදු ඩීසල් පෙට්‍රල් ලීටරයක් රුපියල් 60කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 460ක් වනවා.
ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 75කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 520ක්.
එමෙන්ම ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ද මිට සාපේක්ෂව ඉහල දමා තිබෙනවා.

ඒ අනුව,
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470ක්.
ඔක්ටේන් 93 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 500ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 550ක්.
ලංකා ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල් 60කින් ඉහල නංවා ඇති අතර නව මිල රුපියල් 460ක්
සුපිරි ඩිසල් ලීටරයක් රුපියල් 75කින් ඉහල නංවා ඇති අතර නව මිල රුපියක් 520ක් වනවා,

RELATED ARTICLES

Most Popular

Recent Comments