අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ Joseph Kent තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු එම තීරණය දැනුම්දී ඇත්තේ Donald Trump වෙත යොමු කළ ලිපියක් මඟිනි.
එම ලිපියේදී වත්මන් ඉරාන යුද්ධය පිටුපස “කුමන්ත්රණකාරී ස්වභාවයක්” ඇති බවට ඔහු චෝදනා කර තිබේ. ඔහු සඳහන් කරන්නේ, Donald Trumpගේ දෙවන ධුර කාලය ආරම්භයේදී, උසස් ඊශ්‍රායල නිලධාරීන් සහ අමෙරිකානු මාධ්‍යවල බලගතු පිරිස් විසින් වැරදි තොරතුරු ප්‍රචාරය කරමින් යුද්ධයකට පසුබිම සකස් කළ බවයි.
තවද, ඉරානයෙන් ක්ෂණික තර්ජනයක් පවතින බවට සහ ඉක්මන් ජයග්‍රහණයක් ලබාගත හැකි බවට Donald Trumpව මුළා කර ඇති බවත් ඔහු එහිදී පෙන්වා දී ඇත.
Joseph Kent යනු එක්සත් ජනපද විශේෂ බලකායේ සහ CIA හි අත්දැකීම් ඇති පුද්ගලයෙකු වන අතර, ඔහුගේ බිරිඳ Shannon Kent 2019දී සිරියාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉරාන යුද්ධයට විරෝධය පා අමෙරිකානු ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ඉල්ලා අස්වෙයි

