Sunday, December 14, 2025
Homeදේශපාලන‘ඉවත් නොවන්නේ නම් මරණයට මුහුණ දෙන්න’

‘ඉවත් නොවන්නේ නම් මරණයට මුහුණ දෙන්න’

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ජනතාවට අනතුරු අඟවයි

ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර වේගවත් කරන බවට ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇති අතර, වහාම දකුණු පළාතට පලා යන ලෙස තවදුරටත් උතුරු ගාසා තීරයේ රැඳී සිටින පලස්තීන ජනතාවට ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.

කඩිනමින් උතුරු ගාසා තීරයෙන් ඉවත් නොවන්නේ නම් මරණයට මුහුණ දීමට සූදානම් වන ලෙසත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. සිවිල් ජනතාවට වන හානිය අවම කිරීමේ අරමුණින් එම අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි ද, හමාස් ඉලක්ක වෙත සහ සාමාජිකයන් වෙත ප්‍රහාර එල්ල කිරීමේදී උද්ගත වී ඇති මානුෂීය අර්බුදය ඊශ්‍රායලයේ ප්‍රශ්නයක් නොවන බව එරට හිටපු අගමැති නෆ්ටාලි බෙනෙට් ප්‍රකාශ කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

පෙරේදා වන විට ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 4,651ක් මිය ගොස් ඇතැයි ද, තවත් 14,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ ද 1,400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments