Sunday, December 14, 2025
Homeදේශීයඊශ්‍රායල - පලස්තීන ගැටුම්: ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

ඊශ්‍රායල – පලස්තීන ගැටුම්: ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද දෙරණට පැවසුවේ එම කාන්තාව පිළිබඳ තොරතුරු සෙවීම සදහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත අද දැනුම්දෙන බවය.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ තොරතුරු අනුව ගාසා තීරයේ ගැටුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබූ අතර තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව තිබුණි.

ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000කට අධික පිරිසක් ජීවත් වන බවය.

එයින් බොහෝ පිරිසක් අගනුවර වන ටෙල්අවීවි, ජෙරුසලම සහ හයිෆා යන නගර කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එරට තානාපති කාර්යාලය සමග එක්ව මෙරට රජය කටයුතු කරන බවය. 

ඒ අනුව ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකුට ගැටලුවක් ඇති වුවහොත් 0094 – 716640560 අංකයට වට්ස්ඇප් ඔස්සේ තොරතුරු යොමු කළ හැකිය.

එමෙන්ම ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් තොරතුරක් ලැබෙන්නේ නැති නම් ඔවුන්  පිළිබඳව තොරතුරු ලබාගැනීමට 1989 අංකය අමතා දැනුම් දෙන ලෙසද ඒ මහතා පැවසීය.
 

RELATED ARTICLES

Most Popular

Recent Comments