ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ වානේ නිෂ්පාදන ධාරිතාවයෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් ඉරානයේ අවිආයුධ නිෂ්පාදන හැකියාවටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ඔහු සඳහන් කළේය.
ඔහු තවදුරටත් කියා සිටියේ, අමෙරිකාව සමඟ එක්ව ඉරානයේ යටිතල පහසුකම් සහ හමුදා සම්බන්ධ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.
මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලය සහ ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කරමින් අද (03) ද මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කුවේට් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ වානේ නිෂ්පාදනයට දැඩි බලපෑමක්

