Friday, December 12, 2025
Homeweatherweatherඊසානදිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙයි

ඊසානදිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙයි

ඊසානදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට, එසේම මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 ට පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව, ගාල්ල සහ මාතර ප්‍රදේශවල මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇතිවීමේ ඉඩක්ද ඇත.

උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල මීදුම් මතුවිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments