Monday, December 22, 2025
Homeweatherඋඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (22) දහවල් 12.00 දක්වා යථා තත්ත්වයට පත්කළ නොහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ හේතුවෙන් අද රාත්‍රී තැපැල් දුම්රියද ධාවනය නොවන බවය.

කොළඹ සිට ධාවනය වන දුම්රිය රඹුක්කන දක්වාත්, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය පේරාදෙණිය දක්වාත් සීමා කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments