මෙවර අලුත් අවුරුදු උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක හා රථ වාහන පාලන වැඩපිළිවෙළක් අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.
උත්සව සමයේ ජනතාවගේ ගමනාගමනය වැඩි වීම සැලකිල්ලට ගනිමින් රථ වාහන සහ ආරක්ෂක නිලධාරීන් වැඩි වශයෙන් යොදවීමට කටයුතු කරන බව සඳහන් වේ.
කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල දුම්රිය ස්ථාන සහ බස් නැවතුම්පොළ ආශ්‍රිතව විශේෂ රථ වාහන පාලන සැලසුම් සහ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
මෙම වැඩපිළිවෙළ උත්සව සමය අවසන් වී ජනතාව නැවත ගම්බිම්වලින් නගර වෙත පැමිණෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.
උත්සව සමයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අප්‍රේල් 1 සිට

