Saturday, January 24, 2026
Homeදේශීයඋත්සව සමයේ කොළඹ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6500 ක් යොදවයි

උත්සව සමයේ කොළඹ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6500 ක් යොදවයි

උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අදත් (24) ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

ඒ අනුව කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6500ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.

දිවයිනේ අනෙකුත් නගරවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45,000ක් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments