අද (27), හෙට (28) සහ සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයන් නොපවත්වන බව දැනුම් දී ඇත.
විභාගයන් සඳහා විකල්ප දිනයන් ලෙස දෙසැම්බර් 07, 08 සහ 09 යන දිනයන් ලබා දී තිබේ.
අද (27) පැවැත්වීමට නියමිත විෂය දෙසැම්බර් 07 වනදා, හෙට (28) පැවැත්වීමට නියමිත විෂය දෙසැම්බර් 08 වනදා, සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිත විෂය දෙසැම්බර් 09 වනදා පැවැත්වේ යැයි දැනුම්දී ඇත.

