එක්සත් ජනපදය විසින් තමා සතු ලොව විශාලතම යුද නෞකාව “USS Gerald R. Ford” නම් නෞකාව කැරිබියන් දූපත් ප්‍රදේශය වෙත යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නෞකාවට ගුවන් යානා 90කට ආසන්න පිරිසක් රැගෙන යා හැකි අතර, එක්සත් ජනපදයේ දකුණු අණදෙන ප්‍රදේශයට (Southern Command Area) යොදා ඇති බව පෙන්ටගනය නිවේදනය කර තිබේ.
මෑත සතිවලදී එක්සත් ජනපදය විසින් කැරිබියන් ප්‍රදේශයේ හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින්, යුද නැව් 8ක්, න්‍යෂ්ටික සබ්මැරීනයක් සහ F-35 ගුවන් යානා යොදා ඇත.
එක්සත් ජනපදය මේ වන විට ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් නාවුන්ට එරෙහිව නිරන්තර ප්‍රහාර පවත්වා ඇති අතර, මෑත ප්‍රහාරයකදී බෝට්ටුවක සිටි පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබේ.
පසුගිය මාසයේ සිට මෙහෙයුම ආරම්භ කළදා සිට පහර ලැබූ බෝට්ටු 10ක් දක්වා සංඛ්‍යාවක් වන අතර මියගිය පිරිස 43ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
