දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොගවල මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.
කැරට් කිලෝග්‍රෑමයක මිල රු. 700 සිට රු. 1,000 දක්වා ඉහළ නැංවේ.
බෝංචි හා ලීක්ස් වැනි එළවළු ද රු. 500 – 800 අතර මිලකට අලෙවි වන බව වාර්තා වේ.
රු. 30කට පමණ අලෙවි වූ වට්ටක්කා කිලෝ එකේ මිලද රු. 100 – 130 අතරට ඉහළ ගොස් ඇත.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් පවසන්නේ, වර්ෂා තත්ත්වය සහ නායයෑම් හේතුවෙන් එළවළු කොටු විශාල වශයෙන් විනාශ වීම මේ මෙල වර්ධනයට ප්‍රධාන හේතුව බවයි.

