Tuesday, February 17, 2026
Homeදේශීයඔබත් අවුරුදු 25ට වැඩි නම් මේ ගැන සැලකිලිමත් වන්න

ඔබත් අවුරුදු 25ට වැඩි නම් මේ ගැන සැලකිලිමත් වන්න

වයස අවුරුදු 25ට වැඩි සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දේ.

කළුතර ශික්ෂණ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය කියා සිටියේ ආඝාත රෝගීන්ගෙන් 30%ක් පමණය වයස අවුරුදු 20ත් 60ත් අතර පසුවන අය බවයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ ආඝාත රෝගය වැළඳීම වැලැක්වීමට රුධිර පීඩනය පාලනය කිරීම, අධික ලේ සැරපීම සහ දුෂ්පෝෂණය වළක්වා සෞඛ්‍යകര ජීවිත රටාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවය.

ඇය මේ අදහස් දැක්වූයේ ලබන ඔක්තෝබර් 29 වනදා ලෝක ආඝාත දිනය සමරන සැණකෙළියකට සම්බන්ධ වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments