Thursday, January 15, 2026
Homeදේශීයකංසා වවන ගැසට්ටුවත් එයි

කංසා වවන ගැසට්ටුවත් එයි

ඔෂධීය කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය  ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය  මගින් ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කංසා පමණක් නොව ඊට වඩා ඖෂධ ගණනාවක්  ආනයනය කරන අතර  මේවා වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කළ යුතු බවද  නැතිනම් පාරම්පරික වෙදකම නැතිව යන බවද සිසිර ජයකොඩි මහතා කීය.

ආයුර්වේද සම්භාහකයන් සහ සම්භාහකාවන්  සඳහා “එන්.වී.කිව් ලෙවල් 4” මට්ටමේ පුහුණුවක් දී ආයුර්වේදයේ ලියාපදිංචිය දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කළේය.

බොරැල්ලේ ආයුර්වේද මහ රෝහලේ නම ආයුර්වේද ජාතික රෝහල ලෙස සංශෝධන කරන බවද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනට වඩා කාර්යක්ෂම කිරීම පනතේ අරමුණ බව කී ජයකොඩි මහතා ආයුර්වේද කොමසාරිස් තනතුර ආයුර්වේද කොමසාරිස් ජනරාල්  තනතුර දක්වා මේ පනත මගින් උසස් වෙන බව සඳහන් කළේය

RELATED ARTICLES

Most Popular

Recent Comments