Tuesday, February 17, 2026
Homeදේශීයකටුකුරුන්ද වෙරළ තීරයේ රුපියල් කෝටි 3ක හෂීෂ් තොගයක් සොයාගැනේ

කටුකුරුන්ද වෙරළ තීරයේ රුපියල් කෝටි 3ක හෂීෂ් තොගයක් සොයාගැනේ

කටුකුරුන්ද වෙරළ තීරයේ අද (05) උදෑසන සොයාගැනුණු අමුත්තක පිටුපස තිබුණේ රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12ක තොගයක් බවට අනාවරණය වී ඇත.

මෙම පාර්සලය වෙරළට ගොඩගසා තිබුණේ නොදන්නා පුද්ගලයින් විසින් වන අතර, එය ප්‍රථමයෙන් දැක ඇත්තේ අසල සංචාරක හෝටලයක සේවකයින්ය. ඔවුන් වහාම අදාළ තොරතුර ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත.

කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු කඳවුරේ නිලධාරීන් පැමිණ එම මත්ද්‍රව්‍ය තොගය භාරගෙන විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කටුකුරුන්ද විශේෂ කාර්ය බළකාය සහ කළුතර දකුණ පොලීසිය පවත්වන විමර්ශන ද මේ වනවිට සක්‍රීයව පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments