අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළ අවට ඇති වූ ඝන මීදුම හේතුවෙන් ගොඩබෑමට නියමිත ගුවන්යානා තුනක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇත.
චීනයේ ගුවන්ෂු සිට පැමිණි ශ්‍රීලන්කන් UL-881 සහ සෞදි අරාබියේ රියාද් සිට පැමිණි UL-266 යන ගුවන්යානා මත්තල ගුවන්තොටුපොළට හරවා යවනු ලැබීය. දමාම් සිට පැමිණි UL-254 ගුවන්යානය තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යොමු කර තිබේ.
උදෑසන මීදුම තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බවද වාර්තා වේ.
කටුනායකට ගුවන්යානා තුනක් මීදුම හේතුවෙන් හරවා යවයි

