8.00pm update
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. ඒ අනුව මෙම නාය යෑමෙන් මේ දක්වා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් තිබේ.
6.30pm update
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ අද (22) පෙරවරුවේ සිදුවූ හදිසි නායයෑමේ සිද්ධියෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට සැක කෙරේ. තවත් 7 දෙනෙකු යටවී සිටින බව ප්‍රකාශකයෙකු පවසා ඇත.
දුම්රිය මාර්ගයට පහළින් තිබූ විශාල ගල් පර්වතයක් සහ පස් කන්දක් අද පෙරවරු 8.45 ට පමණ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළෙඳසැලක් සහ නිවසක් මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
මෙම අනතුරින් තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු මේ වන විට මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ රොටී අනුභව කිරීමට පැමිණි පිරිසක් සහ වෙළෙඳසැලේ හිමිකාරීත්වය දරන පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බවට සැක කෙරෙන අතර, ඔවුන් මුදාගැනීම සඳහා පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගනිමින් දැවැන්ත මෙහෙයුමක් සිදු කරමින් පවතී.

