Thursday, November 13, 2025
Homeදේශීයකප්තුරු සවිය යටතේ පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදාහැරිම අද ආරම්භ වෙයි

කප්තුරු සවිය යටතේ පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදාහැරිම අද ආරම්භ වෙයි

දිළිඳුභාවය අඩු කිරීම සහ රටපුරා පොල් වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, “කප්තුරු සවිය” යන ඒකාබද්ධ වැඩසටහන යටතේ ගෙවතු පොල් වගාව සඳහා පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදාදීම අද (09) ආරම්භ වේ.

මෙම වැඩසටහනට ප්‍රධානත්වය දෙනු ඇත්තේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා ය.

ඒ අනුව අද පෙරවරු 10.00ට අම්පාර උහන නගරයේදී ප්‍රධාන උත්සවය පැවැත්වීමට නියමිතය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙහිදී, යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක පහ හැර රටපුරා සෙසු දිස්ත්‍රික්ක සියල්ලටම පොල් පැළ බෙදාදීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, ප්‍රතිලාභී පවුල් ලක්ෂ 2.5ක් සඳහා පොල් පැළ ලක්ෂ 5ක් බෙදාදීමෙන් අක්කර 7,812ක පොල් වගාවක් ඇති කිරීමට අපේක්ෂා කරයි.

පොල් පැළ බෙදාදීමේ සිට අස්වැන්න නෙළා ගැනීම දක්වාම, පොල් වගා මණ්ඩලයේ සහ ප්‍රජා ශක්ති කමිටු නිලධාරින් විසින් අධීක්ෂණය සිදුකෙරෙන අතර, මෙම වැඩසටහනෙන් ගෙවතු මට්ටමින් පොල් පරිභෝජනය සපුරාලීමේ හැකියාව වැඩිවන බවද අමාත්‍යංශය පවසා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments