Wednesday, October 22, 2025
Homeදේශපාලනකාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව රෝස පැහැ ගැන්වෙයි

කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව රෝස පැහැ ගැන්වෙයි

ගෝලීය පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය (රෝස පැහැති මාසය) සැමරීම සඳහා, පාර්ලිමේන්තුව අද (22) රෝස පැහැයෙන් දිදුළිණි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ කථානායක ජගත් වික්‍රමරත්න මහත්ම මහත්මීන්ට පියයුරු පිළිකා මර්දනය සංකේතාත්මකව ලාංඡන පැළඳවීම සහ අත්පළඳනා ලබාදීම මෙහිදී සිදු විය.

මෙම වැඩසටහන සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වන අතර, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, අමාත්‍ය නලින්ද ජයතිස්ස, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ලාංඡන පැළඳවීම සිදු කෙරිණි.

අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය රෝස පැහැය සහිත ඇඳුමින් පැමිණීමත් සමඟ, “රෝස බදාදා” වැනි වැඩසටහන් හරහා දැනුවත් කිරීම පාසල් මට්ටමින්ද ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15ක් හඳුනාගන්නා අතර, ඉන් 3ක් මියයන බව වෛද්‍යවරු පෙන්වා දී ඇත. වයස අවුරුදු 20ට වැඩි කාන්තාවන් මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදු කිරීමෙන් පූර්ණ සුවය ලබාගත හැකි බවද ඔවුන් අවධාරණය කළහ.

මෙම අවස්ථාවට අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ශ්‍රීනි අලහප්පෙරුම සහ විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments