නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) රාත්‍රී 10.30ට වනවිට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 80ක පමණ දුරින්, නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් පිහිටා තිබේ.
මෙම පීඩන අවපාතය හෙට (10) සවස ත්‍රිකුණාමලය සහ යාපනය අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසේ.
• උතුරු පළාතට පැ.කි.මී. 50 – 60ක් දක්වා තද සුළං
• යාපනයට විටින් විට වැසි හා ගිගුරුම් සහිත වැසි
• ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැස්සි
ජනතාවට කාලගුණ අනතුරු ඇඟවීම් පිළිපදිමින්, අවශ්‍ය ප්‍රවේණික ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.

