තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත.මෙම නිවේදනය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, උතුරු පළාත්වලට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපැවැත්වේ.
අද (21) උදේ 9 සිට පැය 24ක් සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක වන බවද දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර දෙසින් පැවති අඩුපීඩන තත්ත්වයක් මේ වනවිට වැඩිවී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවට ආසන්නව පවතින බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම පද්ධතියෙන් මි.මී. 150ට වැඩි තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.
ජනතාවට ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.