කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල සවස 02.00න් පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව නිවේදනය කර ඇත.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත්, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

