Saturday, March 28, 2026
Homeසියලුම පුවත්කැබ් - ට්‍රැක්ටර් අනතුරින් අඹුසැමි යුවළක් මරුට

කැබ් – ට්‍රැක්ටර් අනතුරින් අඹුසැමි යුවළක් මරුට

මහියංගනය–ගිරාඳුරු කෝට්ටේ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (27) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරේදී කැබ් රථයක් වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී ඇති බව පොලීසිය පවසයි.
අනතුරෙන් තුවාල ලැබූ රියදුරන් සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු රෝහල්ගත කර ඇති අතර, එහිදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් සහ 44ක් වූ මහියංගනය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් වන අතර, මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments