Tuesday, December 23, 2025
Homeදේශීයකැලණි විහාරය අවට අද පස්වරු 3 සිට රථවාහන ගමනාගමනය සීමා

කැලණි විහාරය අවට අද පස්වරු 3 සිට රථවාහන ගමනාගමනය සීමා

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා උත්සවයට සමගාමීව අද (23) පැවැත්වෙන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහැර හේතුවෙන් කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කර ඇති බව පොලීසිය පවසයි. අද පස්වරු 3 සිට පෙරහැර අවසන් වන තුරු මෙම රථවාහන සීමා ක්‍රියාත්මක වේ.

පෙරහැර හෙලේනා ප්‍රාථමික විද්‍යාලය අසලින් ආරම්භ වී ගල්බොරැල්ල සහ වලන්කඩ හන්දිය හරහා බියගම මාර්ගයෙන් කැලණිසිරි වටරවුම ඔස්සේ කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණීමට නියමිතය. ඒ අනුව කිරිබත්ගොඩ, බියගම, පෑලියගොඩ සහ වරාගොඩ ආශ්‍රිත මාර්ගවල ගමන් කරන වාහන විකල්ප මාර්ග වෙත යොමු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

පෙරහැර ගමන් කරන කැලණිසිරි වටරවුම සහ විහාර මාවත කොටස් තාවකාලිකව වසා තැබෙන අතර, පෙරහැර අවසන් වීමත් සමඟ රථවාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි යළි සකස් කිරීමට නියමිතය. මෙම කාලය තුළ රථවාහන රියදුරන්ට පොලීසිය විසින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments