Friday, October 24, 2025
Homeදේශීයකිරිවෙහෙර නාහිමි සහ පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියෙන් පැහැදිලි කිරීම

කිරිවෙහෙර නාහිමි සහ පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියෙන් පැහැදිලි කිරීම

කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ කොඹවක ධම්මින්ද ස්වාමීන්වහන්සේගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතක් පිළිබඳව මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නිල වාර්තාවක් ලබා දී ඇත.

එම වාර්තාවට අනුව, කතරගම මහා දේවාල පරිශ්‍රය තුළ අෂ්ඨඵල බෝධීන් වහන්සේ, කතරගම කිරිවෙහෙර සහ අනෙකුත් දේවාල ආවරණය වන අතර, ආරක්ෂාව සඳහා පැය 24 ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 16 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බළකා නිලධාරියෙකු යොදවා ඇති බව සඳහන් වේ.

කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේගේ ආරක්ෂාව සඳහා 2018 වසරේ සිට දේවාල මුරපොළ වෙත අනුයුක්ත වූ 17 දෙනෙකුගෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද පැය 24 ම ආවරණය වන පරිදි රාජකාරි යොදවා ඇති බව ද වාර්තා කර ඇත.

තවද, කතරගම දේවාල පරිශ්‍රය තුළ යුද හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කර ඇති අතර, එම අනුකණ්ඩයෙන්ද කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේගේ ආරක්ෂාව සඳහා යොදවනු ලබයි.

ඒ අනුව, කොබවක ධම්මින්ද ස්වාමීන්වහන්සේගේ ආරක්ෂාව හෝ පුදබිමේ ආරක්ෂාව ඉවත් කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත අසත්‍ය බව, නියෝජ්‍ය පොලිස්පති මාතර සහ හම්බන්තොට දිසාව විසින් නිල වශයෙන් වාර්තා කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments