Thursday, November 13, 2025
Homeදේශීයකුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සළිඳු මල්ෂිත හෙවත් “කුඩු සළිඳු” විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි 30 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ ජාත්‍යන්තර රතු නිවේදනය බල රහිත කිරීම ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම කැඳවනු ලැබීය.

අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා පෙත්සම පවත්වාගෙන යාමට විරෝධතා ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව සඳහන් කළ අතර, නීතිඥවරයා විසින් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ඉල්ලා සිටියේය.

ඒ අනුව අභියාචනාධිකරණය එම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි 30 වනදාට නියම කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments