Sunday, December 21, 2025
Homeදේශීයකුලියාපිටියේ මවක් නිවසේ දි දරු ප්‍රසූතිය කරයි

කුලියාපිටියේ මවක් නිවසේ දි දරු ප්‍රසූතිය කරයි

ඉන්ධන නොමැති වීම හේතුවෙන් රෝහල් ගත වීමට නොහැකි මවක් සිය දරු ප්‍රසූතිය නිවසේදී සිදුකර ඇති බවට තොරතූරු අනාවරණය වෙමින් පවතින බව පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු සඳහන් කරයි.

මෙම දරුවා සහ මව කුලියාපිටිය රෝහලේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බව ඇය සඳහන් කළාය.

මෙම මව රෝහල් ගත කිරීම සඳහා කුලියාපිටිය ප්‍රදේශයේ 1990 ගිලන් රථයක් නොමැති වීම හේතුවෙන් කොබෙයිගනේ ප්‍රදේශයේ සුවසැරිය ගිලන් රථය කැඳවා ඇති අතර එය පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් නිවස තුළ දරු ප්‍රසූතිය සිදුකර ඇති බව අය සඳහන් කළාය.

මෙම මවගේ තුන්වන දරු ප්‍රසූතිය බවද ඇය අධි රුධිර පීඩනයෙන් පෙළෙන මවක් බව ද සභාපති දේවිකා කොඩිතුවක්කු සඳහන් කළාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments