හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය අමාලි නයනිකා සහ ඔවුන්ගේ සේවිකාව නිපුණී ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු දෙක සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය අද (15) අධිචෝදනා භාර දී තිබේ.
මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු වූ අතර, සැකකරුවන් හතර දෙනාට රු. 50,000ක මුදල් ඇප සහ රු. ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් බැගින් මත මුදා හැරීමට නියෝග කර ඇත.
ඒ සමගම විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණය නියෝග කළේය. නඩු දෙක සඳහා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි 12 සහ 14 යන දින නියමිතය.
තවද, කෙහෙළිය රඹුක්වැල්ල සහ රමිත් රඹුක්වැල්ලට එරෙහිව ගොනු කර තිබූ තවත් නඩුවක් සඳහාද අද අධිචෝදනා භාර දී ඇති අතර, එම නඩුවත් ජනවාරි 20 දිනට කැඳවා තිබේ.
අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ කාලය තුළ අයථා ලෙස වත්කම් හා දේපළ සෙවීම සම්බන්ධ චෝදනා පදනම් කරගෙන මෙම නඩු ගොනු කර ඇති බව වාර්තා වේ.
කෙහෙළිය සහ පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩු තුනක අධිචෝදනා භාරදේ

