කොටහේන ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රී සිදුවූ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අපරාධ කල්ලි නායක “පූකුඩු කන්නා” ලෙස හැඳින්වෙන බාලචන්ද්‍රන් පුෂ්පරාජ්ගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොටහේන 16 වැනි පටුමඟේදී සිදු වූ එම වෙඩිතැබීම මෝටර් රථයකින් පැමිණි අයෙකුගේ පිරිසක් විසින් සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 43ක පුද්ගලයෙකු වන අතර, වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.
කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු අනාවරණය වෙයි

