කොලඹ මහානාම විද්‍යාලයේ ඉගෙනගන්න ළමයි තුන්දෙනෙක් ව එම විදුහලේ ස්ථාන භාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් ඔක්තෝබර් 04 සෙනසුරාදා බරපතල ලෙස ලිංගිකව අපයෝජනයට ලක් කර ඇත.
- ආයතන ප්‍රධානියා ලෙස විදුහල්පතිවරයා හෝ සංගම් භාර ආචාර්ය වරයා ලෙස අදාල ගුරුතුමාවත් මේ පිලිබදව කිසිදු පොලීසියකට හෝ වගකිවයුතු කිසිම තැනකට පැමිණිලි කර නැත.
- අදාල අපයෝජනයට ලක්වූ දරුවන් තිදෙනා මේ වන තුරුත් කිසිම වෛද්‍යවරයෙකු වෙත යොමු කර නැත.
- අදාල සිකුයුරිටි ෆර්ම් එක සම්බන්ධව හෝ එම පාපතරයා පිලිබද කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සහ කර නොමැති අතර, තවමත් පාසලට සේවාව සපයන්නේ අදාල සිකුයුරිටි ආයතනයයි.
- මේ පිලිබදව විදුහල්පතිවරයාගෙන් විමසා සිටි ගුරුවරු දෙදෙනෙකුට විදුහල්පතිවරයා තර්ජනය කර ඇති අතර, ඔවුන් ලවා ඔවුන් විසින් පාසලේ ගුරුවරුන්ගේ වට්සැප් සමූහයට යොමුකරන ලද අදහස් දැක්වීම් මකා දමා ඇත.
- අදාල දෙමාපියන් පොලීසියට පැමිණිලි කරන්නට ගිය අවස්තාවේ, “ලමයිව උසාවි ගේන්න වේවි” “අවුරුදු තුනක් නඩු කියන්න වේවි” යනාදි කරුණු කියමින් එම දෙමාපියන් බිය වද්දා පැමිණිල්ල දැමීම අධෛර්‍යට පත්කොට ඇත.
- ඔක්තෝබර් 4 වෙලා තියෙන්නේ. අද වෙනතුරු මේ ගැන ළමයි ගැන හොයන්න තියෙන ආයතන සොයා බලල නැ.
- ඔක්තෝබර් 4 වැනිදා ගුරුවරුන්ගේ අධීක්ෂණයෙන් තොරව විදුහල්පතිවරයා ළමයි රදවාගෙන තිබෙන්වා.
- මේ සිද්ධිය ගැන පොලිසිය හෝ කිසිම වගකිවයුතු රාජ්‍ය ආයතන දැනුවත් කර නැහැ.යම් දැනුවත් වීමක් කළත් අද වන තුරු පියවරක් ගෙන නැහැ.