කොලොම්බියානු ගුවන් හමුදාවට අයත් හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමුදා නිලධාරීන් ප්‍රවාහනය කරමින් ගමන් කළ හර්කියුලිස් වර්ගයේ ගුවන් යානයක් කොලොම්බියාවේ දකුණු ප්‍රදේශයේදී ඊයේ අනතුරට පත්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ හමුදා නිලධාරීන් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු සිට ඇති බව සඳහන් වේ.
මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවද වාර්තා වෙයි.
කොලොම්බියානු හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි – 34ක් මරුට

