Friday, November 14, 2025
Homeදේශීයකොළඹ උද්ධමනය ඉහළට

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද., 2021=100) අනුව මතුපිට උද්ධමනය 2025 ඔක්තෝබර් මාසයේදී සියයට 2.1% දක්වා ඉහළ ගොස් ඇත.

මෙය 2025 අගෝස්තු මාසයේ වාර්තා වූ සියයට 1.2% හා සැප්තැම්බර් මාසයේ සියයට 1.5% උද්ධමනයට වඩා වැඩි සංඛ්‍යාවකි.

මාස 11කට පසු ධන අගයක් වාර්තා කළ මෙම දර්ශකය, ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථන අනුව උද්ධමන ඉලක්කය කරා පියනගා යාමේ ප්‍රවණතාවයක් පෙන්වයි.

ඒ අනුව 2025 ඔක්තෝබර් මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2.9% සිට 3.5% දක්වාත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 0.7% සිට 1.4% දක්වාත් ඉහළ ගොස් ඇත.

මහ බැංකුව පවසන්නේ, උද්ධමනය ඉදිරි මාසවලදී පියවරෙන් පියවර ඉහළ යාමක් දක්වනු ඇති අතර, සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව සියයට 5% ඉලක්කය කරා ගමන් කිරීමට නියමිත බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments